Categories
Self Help

දුක පිටවීමට දෙන්න | Let the sadness out

හිත් වේදනාවකින් ඉක්මන් සුවයක් ලබා ගැනීමට ඉතාමත් ඵලදායක යැයි කිව හැකි ක්‍රමයක් නම් වේදනාවට ස්වභාවික ලෙස හිතෙන් පිට වීමට ඉඩ හැරීමය. ඇඩුමකින් වැලපීමකින, කදුළු සැලීමකින් තම දුක එලිපිට ප්‍රකාශ කිරීමය. මෙය අසම්මත අශෝභන චාරිත්‍රයක් සේ ඇතැමුන් සලකන බව ඇත්තය, එහෙත් ඔවුන් එසේ කරන්නේ ස්වභාව ධර්මයේ ස්වාභාවික ක්‍රියාකාරිත්වය නොදන්නාකමිනි. මහා දුකකට පත් වූ කෙනෙකුට ඇඩීමට හා වැලපීමට සලස්වන්නේ ස්වාභාව ධර්මය මය. ස්වභාව ධර්මය එසේ කරන්නේ දුකින් පෙළෙන්නාගේ ශුභ සෙත ම තකාය.

හිතේ ඇති වන දුකක්, හිත සමග කය බෙද ගන්නේ එවැනි උපක්‍රමයකිනි. එම උපක්‍රමයේ ප්‍රතිඵලයක් වශයෙන් හිතේ දුක කය තුළින් පිට වී යන්නේය. වේදනාව නිසා හිතේ ඇතිවන තදබදය හෙවත් තෙරපුම තුනී වී යන්නේය. හිතේ වේදනාවට පිට වෙන්නට ඉඩ නොදී එය හිත තුළ ම තද කරගෙන තබා ගතහොත්, හිත පුපුරා යන තරමේ අසහනයක් උදාවන්නට බැරි නැත.

එසේ වුවද හැම හොඳ දෙයක් සේම මෙය ද සීමාව ඉක්මවා කළ යුත්තක් නොවේ. දුකක් ඇති වූ විට හඩනවා වැලපෙනවා කියන්නේ හැම තැනකම හැම විට ම, ඉමක් කොනක් නැතිව ඇඩීමට වැලපීමට පුරුදු වීම නොවේ. එසේ කළහොත් එහි දුක හෝ ශෝකය ස්වාභාවික ලෙස අවසන් නොවී, අස්වාභාවික මානසික රෝගයක් බවට පෙරළෙන්නට බැරි නැත.


One of the most effective ways to recover quickly from heartache is to allow the pain to naturally leave the mind. Expressing one’s grief with crying and weeping. It is true that some people consider this to be an unnatural and indecent ritual, but they do so without knowing the natural workings of nature. It is nature itself that makes someone cry and mourn in great sorrow. Nature does this for the good of the sufferer.

A sadness that arises in the mind, divides the body from the mind with such a strategy. As a result of that trick, the sorrow of the mind goes out of the body. The congestion or pressure in the mind due to pain is reduced. If the pain in the heart is not allowed to come out and it is kept tight in the heart, it is not impossible to cause discomfort to the point of bursting the heart.

However, like all good things, this should not be overdone. Crying and crying when you are sad does not mean getting used to crying and crying everywhere, all the time, endlessly. If that is done, then the sadness or grief will not end naturally and turn into an unnatural mental illness.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *