Categories
Self Help

බාධක වලට මුහුණ දීම | How to face obstacles and win

අද බොහෝ දෙනෙක් බොහෝ දේවල් අරඹති. එහෙත් අරඹන ඒ දේවල් අවසන් නොකරති. බාධකයක් ඇති වූ විගසම අධෛර්යයට පත් වී ඒවා අත්හිටවති.

බාධක වලට මුහුණ දීමට නොදන්නා කෙනෙකුට කිසිම වැඩක් සාර්ථකත්වය කරා ගෙන යෑමට පුළු වන්කමක් නැත. එම නිසාම සාර්ථක ප්‍රතිඵල පතන යමෙක් වේ නම්, ඔහු බාධික වලට යටත් වනු වෙනුවට, බාධක යටත් කර ගැනීමට දැන සිටිය යුතුය.

ඕනෑම කෙනෙක් කරන ඕනෑම වැඩකට බාධක හෙවත් අවහිරකම් ඇති වේ. ඒවා විවිධාකාර ද වේ. ඒවාට මුහුණ දීමට අප දැන සිටිය යුතුය. බාධක වලට මුහුණ දීම සම්බන්ධයෙන් දතයුතු කරුණු කිහිපයක් ඇත.

ප්‍රථමයෙන්ම අප සිහි තබා ගත යුත්තේ බාධකයක බලවන්තකම ඊටම ආවේනික වූ දෙයක් නොවන බවය. ධෛර්ය්‍යය හා අධිෂ්ඨානයක්, නොමැති පුද්ගලයා ඉදිරිපිට බාධක බලවත් ය. ධෛර්ය්‍යයක් හා අධිෂ්ඨානයක් ඇති පුද්ගලයකු ඉදිරිපිට ඒවා දුබලය, ධෛර්යයක් හා අධිෂ්ඨානයක් ඇති බොහෝ දෙනා බාධක ගණන් ගත්තේ නැත. ඒවා සමග සටන් කිරීමට කාලය හා ශ්‍රමය වැය කරන්නේද නැත. කරන වැඩේ එක දිගට අල්ලා ගෙන සිටීමෙන් ම ඒවා ඔවුහු ජය ගනිති.


Many people are starting many things today. But those things that are started are not finished. As soon as there is an obstacle, they get discouraged and stop.

A person who does not know how to face obstacles is not capable of making anything successful. Therefore, if one seeks successful results, he should know how to overcome obstacles instead of succumbing to obstacles.

Obstacles or blockages occur in any work done by anyone. They are also diverse. We must know how to face them. There are a few things to know about dealing with obstacles.

First of all, we must remember that the strength of a barrier is not inherent in itself. Obstacles are formidable in front of a person without courage and determination. They are weak in front of a person with courage and determination, most people with courage and determination do not care about obstacles. No time and effort is spent fighting them. They overcome them by sticking to what they are doing.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *