ඔබේ හිත් වේදනාවට හේතුව කුමක් වුවත්, එය නිසා පරාජිත හැඟීමක් ඔබ තුළ ඇති වීමට කිසි විටෙක ඉඩ නොතබන්න. මෙවැනි අවස්ථාවල පරාජිත තත්වයකට පත්වන බොහෝ දෙනෙක්, ‘ දැන් ඉතින් මට මොනවා කරලුත් වැඩක් නැහැ’ යි කියමින්, තමන්ට හුරුපුරුදු වැඩ කටයුතු හැම එකම අත්හැර දමති. ඔබ කළ යුත්තේ ඔබේ සාමාන්‍ය ජීවිතය නැවත අරඹා, පුරුදු වැඩ කටයුතු පුරුදු ප්‍රකාරම කරගෙන යෑමය.
ඔබ කලින් ආශ්‍රය කළ හැම කෙනෙක් ම එයාකාරයෙන්ම ආශ්‍රය කරන්න. හැකි පමණින් අළුත් හිත මිතුරන් ද සොයා ගන්න. විනෝදයක්, විවේකයත් ගෙන දෙන දේවල්හි නිරත වන්න. ඇවිදින්න යන්න. විනෝද ගමන් හා වන්දනා ගමන් – වලට සහභාගී වන්න. ක්‍රීඩා කරන්න. සිතේ අවධානය දිනා ගන්නා වැඩපළවල යෙදෙන්න. කාලය නිකරුණේ ගත වීමට කිසි විටක ඉඩ නොහරින්න. තමන්ට මෙන් ම අනික් අයට ද වැඩදායක වන කටයුතු සොයා ගෙන, ඒවාට ඔබේ ශ්‍රමය හා කාලය පුදන්න. එහෙත් ඒවායේ යෙදෙන විට, තමන්ට වූ විපතින් පැන යෑමේ අදහසින් ඒවායේ නොයෙදෙන්න. එම කටයුතු වල අර්ථවත් භාවය නිසා ම ඒවා ඉටු කරන්න.
ඇතැම් අය තම හිත් වේදනාවෙන් පැන යාමේ අරමුණින් ඉමක් කොනක් නැති වැඩවල යෙදෙති. තවත් අය සමාජ ශාලා වල කාලය ගත කරති. මත්පැන් වල සහාය පතති. එවැනි ක්‍රියා වලින් වේදනාව තාවකාලිකව මග හැරෙන්නට බැරි නැත. එහෙත් පවතින සුවයක් හෝ සහනයක් ඒවායින් නොලැබේ.
Whatever the cause of your heartache, never let it make you feel defeated. Many people who are in a defeated state in such situations say, ‘Whatever I do now, it doesn’t matter’ and leave all the work they are used to. All you have to do is resume your normal life and carry on with your usual routine.
Connect with everyone you have connected with before. Find new friends as much as possible. Engage in fun and relaxing activities. go for a walk Take part in pleasure trips and pilgrimages. play games Engage in activities that capture the mind’s attention. Never let time go by in vain. Find activities that benefit others as well as yourself, and devote your time and effort to them. But when engaging in them, do not engage in them with the intention of escaping from your own misfortune. Do them because of the meaning of those activities.
Some people engage in endless work to escape their heartache. Others spend time in clubs. Seeking the support of alcohol. Such actions cannot temporarily relieve the pain. But they do not provide lasting healing or relief.