Categories
Self Help

දුක පිටවීමට දෙන්න | Let the sadness out

හිත් වේදනාවකින් ඉක්මන් සුවයක් ලබා ගැනීමට ඉතාමත් ඵලදායක යැයි කිව හැකි ක්‍රමයක් නම් වේදනාවට ස්වභාවික ලෙස හිතෙන් පිට වීමට ඉඩ හැරීමය. ඇඩුමකින් වැලපීමකින, කදුළු සැලීමකින් තම දුක එලිපිට ප්‍රකාශ කිරීමය. මෙය අසම්මත අශෝභන චාරිත්‍රයක් සේ ඇතැමුන් සලකන බව ඇත්තය, එහෙත් ඔවුන් එසේ කරන්නේ ස්වභාව ධර්මයේ ස්වාභාවික ක්‍රියාකාරිත්වය නොදන්නාකමිනි. මහා දුකකට පත් වූ කෙනෙකුට ඇඩීමට හා වැලපීමට සලස්වන්නේ ස්වාභාව ධර්මය මය. ස්වභාව ධර්මය එසේ කරන්නේ දුකින් පෙළෙන්නාගේ ශුභ සෙත ම තකාය.

හිතේ ඇති වන දුකක්, හිත සමග කය බෙද ගන්නේ එවැනි උපක්‍රමයකිනි. එම උපක්‍රමයේ ප්‍රතිඵලයක් වශයෙන් හිතේ දුක කය තුළින් පිට වී යන්නේය. වේදනාව නිසා හිතේ ඇතිවන තදබදය හෙවත් තෙරපුම තුනී වී යන්නේය. හිතේ වේදනාවට පිට වෙන්නට ඉඩ නොදී එය හිත තුළ ම තද කරගෙන තබා ගතහොත්, හිත පුපුරා යන තරමේ අසහනයක් උදාවන්නට බැරි නැත.

එසේ වුවද හැම හොඳ දෙයක් සේම මෙය ද සීමාව ඉක්මවා කළ යුත්තක් නොවේ. දුකක් ඇති වූ විට හඩනවා වැලපෙනවා කියන්නේ හැම තැනකම හැම විට ම, ඉමක් කොනක් නැතිව ඇඩීමට වැලපීමට පුරුදු වීම නොවේ. එසේ කළහොත් එහි දුක හෝ ශෝකය ස්වාභාවික ලෙස අවසන් නොවී, අස්වාභාවික මානසික රෝගයක් බවට පෙරළෙන්නට බැරි නැත.


One of the most effective ways to recover quickly from heartache is to allow the pain to naturally leave the mind. Expressing one’s grief with crying and weeping. It is true that some people consider this to be an unnatural and indecent ritual, but they do so without knowing the natural workings of nature. It is nature itself that makes someone cry and mourn in great sorrow. Nature does this for the good of the sufferer.

A sadness that arises in the mind, divides the body from the mind with such a strategy. As a result of that trick, the sorrow of the mind goes out of the body. The congestion or pressure in the mind due to pain is reduced. If the pain in the heart is not allowed to come out and it is kept tight in the heart, it is not impossible to cause discomfort to the point of bursting the heart.

However, like all good things, this should not be overdone. Crying and crying when you are sad does not mean getting used to crying and crying everywhere, all the time, endlessly. If that is done, then the sadness or grief will not end naturally and turn into an unnatural mental illness.

Categories
Self Employed

අයිස් ක්‍රීම් හදමු | How to make Ice Cream

අවශ්‍ය ද්‍රව්‍ය :

  1. එළකිරි ලීටර් 1
  2. ජෙලටින් 8 g
  3. සීනි 250 g
  4. කස්ටඩ් පවුඩර් 10 g
  5. වැනිලා/ ස්ට්‍රෝබෙරි …. රස කාරක / චොක්ලට් පවුඩර්
  6. කලරින්

සාදන ක්‍රමය :

ජෙලටින් වතුර මේස හැදි 3 ක් දමා පොඟවා ගන්න.

සීනි සහ කස්ටඩ් පවුඩර් එකට මිශ්‍ර කරන්න.

කිරි ලිපේ තබා යන්තමින් රත් වන විට, සීනි මිශ්‍රනය සහ පොඟවා ගත් ජෙලටින් දමා හොඳින් දිය කරන්න .

නටන උෂ්නත්වයට රත් කරන්න.

ලිපෙන් බා නිවෙන්න තබා පෙරා පැය 6 – 8 පමණ ෆ්‍රීසර් එකේ උපරිම උෂ්නත්වයේ හොඳින් වසා තබන්න.

එලියට ගෙන දෙගුණයක් වන තුරු බීට් කරන්න.

නැවත පැය 2 ක් හෝ මිදෙන තෙක් ෆ්‍රීස් කරන්න .

ඉන්පසු අවශ්‍ය එසන්ස් , කලරින් , හෝ චොක්ලට් පවුඩර් දමා ක්‍රීම් වනතුරු පමනක් බීට් කර කප්ස් වලට දමන්න.

ෆ්‍රීස් කරන්න.

මේ ප්‍රමානයට ලීටර් දෙකක් /80ml කප්ස් 26 ක් සාදා ගන්න පුලුවනි .

Materials Required:

  1. One litre of cow’s milk
  2. 8 g of gelatin
  3. 250 g of sugar
  4. Custard powder 10 g
  5. Vanilla/ Strawberry …. Flavoring / Chocolate Powder
  6. Food clouring

Method of making:

Soak the gelatin in 3 tablespoons of water. Mix together the sugar and custard powder.

When the milk is simmering, add the sugar mixture and the soaked gelatin and dissolve well.

Heat to boiling temperature.

Take it off the stove and keep it tightly closed in the freezer at maximum temperature for about 6-8 hours.

Take out and beat until doubled. Freeze for another 2 hours or until frozen.

Then add the required essence, colouring, or chocolate powder and beat until creamy and put in the cups.

Freeze.

You can make 26 two-liter/80ml cups for this amount.

Categories
Self Employed

සබන් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය හොඳම මිලට මිලදී ගත හැකි ස්ථාන | Where to buy raw materials for soap making at best prices

රසායන ද්‍රව්‍ය:

  1. ග්ලෝකෙම් එන්ටර්ප්‍රයිසස් – 141 බංසාල වීදිය, කොළඹ II ( දුරකථන : 0112336201)
  2. දේවි ට්‍රේඩින් (Devi Trading) – 125 බංසාල වීදිය, කොළඹ II ( දුරකථන : +94 112335124 | +94 112320314 | +94 112437453)
  3. ACE Chemicals (Pvt) Ltd., Sunshine Court, 63-65, ගෝතමී ලේන්, කොළඹ 08 ( දුරකථන : 0112 699 937 )
  4. WH Hendrick & Sons, 109 බංසාල වීදිය, කොළඹ II ( දුරකථන : 0112 327 386)

සුවඳකාරක සහ අනෙකුත් අමුද්‍රව්‍ය:

  1. Dollar Corporation, 14, වේල්ල වීදිය, කොළඹ II (දුරකථන : 0112391910)
  • කොළඹ II – පිටකොටුව / කොළඹ 08 – මරදාන

Chemicals:

  1. Glorchem Enterprise – 141 Bankshall St, Colombo 11 ( Tel: 0112336201)
  2. Devi Trading -125 Bankshall St, Colombo II ( Tel: +94 112335124 | +94 112320314 | +94 112437453 )
  3. ACE Chemicals (Pvt) Ltd., Sunshine Court, 63-65, Gothami lane, Colombo 08 ( Tel: 0112 699 937 )
  4. WH Hendrick & Sons, 109 Bankshall St, Colombo 11 ( Tel: 0112 327 386)

Fragrances and other raw materials:

  1. Dollar Corporation, 14, Dam Street, Colombo 11 (Tel : 0112391910)
  • Colombo II – Pettah / Colombo 08 – Maradana
Categories
Self Help

හිත් වේදනාව කුමක් වුවත් සාමාන්‍ය ජීවිතය නැවත අරඹන්න | Continue your normal routine even midst of a heartache

ඔබේ හිත් වේදනාවට හේතුව කුමක් වුවත්, එය නිසා පරාජිත හැඟීමක් ඔබ තුළ ඇති වීමට කිසි විටෙක ඉඩ නොතබන්න. මෙවැනි අවස්ථාවල පරාජිත තත්වයකට පත්වන බොහෝ දෙනෙක්, ‘ දැන් ඉතින් මට මොනවා කරලුත් වැඩක් නැහැ’ යි කියමින්, තමන්ට හුරුපුරුදු වැඩ කටයුතු හැම එකම අත්හැර දමති. ඔබ කළ යුත්තේ ඔබේ සාමාන්‍ය ජීවිතය නැවත අරඹා, පුරුදු වැඩ කටයුතු පුරුදු ප්‍රකාරම කරගෙන යෑමය.

ඔබ කලින් ආශ්‍රය කළ හැම කෙනෙක් ම එයාකාරයෙන්ම ආශ්‍රය කරන්න. හැකි පමණින් අළුත් හිත මිතුරන් ද සොයා ගන්න. විනෝදයක්, විවේකයත් ගෙන දෙන දේවල්හි නිරත වන්න. ඇවිදින්න යන්න. විනෝද ගමන් හා වන්දනා ගමන් – වලට සහභාගී වන්න. ක්‍රීඩා කරන්න. සිතේ අවධානය දිනා ගන්නා වැඩපළවල යෙදෙන්න. කාලය නිකරුණේ ගත වීමට කිසි විටක ඉඩ නොහරින්න. තමන්ට මෙන් ම අනික් අයට ද වැඩදායක වන කටයුතු සොයා ගෙන, ඒවාට ඔබේ ශ්‍රමය හා කාලය පුදන්න. එහෙත් ඒවායේ යෙදෙන විට, තමන්ට වූ විපතින් පැන යෑමේ අදහසින් ඒවායේ නොයෙදෙන්න. එම කටයුතු වල අර්ථවත් භාවය නිසා ම ඒවා ඉටු කරන්න.

ඇතැම් අය තම හිත් වේදනාවෙන් පැන යාමේ අරමුණින් ඉමක් කොනක් නැති වැඩවල යෙදෙති. තවත් අය සමාජ ශාලා වල කාලය ගත කරති. මත්පැන් වල සහාය පතති. එවැනි ක්‍රියා වලින් වේදනාව තාවකාලිකව මග හැරෙන්නට බැරි නැත. එහෙත් පවතින සුවයක් හෝ සහනයක් ඒවායින් නොලැබේ.


Whatever the cause of your heartache, never let it make you feel defeated. Many people who are in a defeated state in such situations say, ‘Whatever I do now, it doesn’t matter’ and leave all the work they are used to. All you have to do is resume your normal life and carry on with your usual routine.

Connect with everyone you have connected with before. Find new friends as much as possible. Engage in fun and relaxing activities. go for a walk Take part in pleasure trips and pilgrimages. play games Engage in activities that capture the mind’s attention. Never let time go by in vain. Find activities that benefit others as well as yourself, and devote your time and effort to them. But when engaging in them, do not engage in them with the intention of escaping from your own misfortune. Do them because of the meaning of those activities.

Some people engage in endless work to escape their heartache. Others spend time in clubs. Seeking the support of alcohol. Such actions cannot temporarily relieve the pain. But they do not provide lasting healing or relief.

Categories
Self Help

බාධක වලට මුහුණ දීම | How to face obstacles and win

අද බොහෝ දෙනෙක් බොහෝ දේවල් අරඹති. එහෙත් අරඹන ඒ දේවල් අවසන් නොකරති. බාධකයක් ඇති වූ විගසම අධෛර්යයට පත් වී ඒවා අත්හිටවති.

බාධක වලට මුහුණ දීමට නොදන්නා කෙනෙකුට කිසිම වැඩක් සාර්ථකත්වය කරා ගෙන යෑමට පුළු වන්කමක් නැත. එම නිසාම සාර්ථක ප්‍රතිඵල පතන යමෙක් වේ නම්, ඔහු බාධික වලට යටත් වනු වෙනුවට, බාධක යටත් කර ගැනීමට දැන සිටිය යුතුය.

ඕනෑම කෙනෙක් කරන ඕනෑම වැඩකට බාධක හෙවත් අවහිරකම් ඇති වේ. ඒවා විවිධාකාර ද වේ. ඒවාට මුහුණ දීමට අප දැන සිටිය යුතුය. බාධක වලට මුහුණ දීම සම්බන්ධයෙන් දතයුතු කරුණු කිහිපයක් ඇත.

ප්‍රථමයෙන්ම අප සිහි තබා ගත යුත්තේ බාධකයක බලවන්තකම ඊටම ආවේනික වූ දෙයක් නොවන බවය. ධෛර්ය්‍යය හා අධිෂ්ඨානයක්, නොමැති පුද්ගලයා ඉදිරිපිට බාධක බලවත් ය. ධෛර්ය්‍යයක් හා අධිෂ්ඨානයක් ඇති පුද්ගලයකු ඉදිරිපිට ඒවා දුබලය, ධෛර්යයක් හා අධිෂ්ඨානයක් ඇති බොහෝ දෙනා බාධක ගණන් ගත්තේ නැත. ඒවා සමග සටන් කිරීමට කාලය හා ශ්‍රමය වැය කරන්නේද නැත. කරන වැඩේ එක දිගට අල්ලා ගෙන සිටීමෙන් ම ඒවා ඔවුහු ජය ගනිති.


Many people are starting many things today. But those things that are started are not finished. As soon as there is an obstacle, they get discouraged and stop.

A person who does not know how to face obstacles is not capable of making anything successful. Therefore, if one seeks successful results, he should know how to overcome obstacles instead of succumbing to obstacles.

Obstacles or blockages occur in any work done by anyone. They are also diverse. We must know how to face them. There are a few things to know about dealing with obstacles.

First of all, we must remember that the strength of a barrier is not inherent in itself. Obstacles are formidable in front of a person without courage and determination. They are weak in front of a person with courage and determination, most people with courage and determination do not care about obstacles. No time and effort is spent fighting them. They overcome them by sticking to what they are doing.

Categories
Self Help

මට හරියනවාමයි යන විශ්වාසයේ බලය | Power of trust

ඔබේ යහපත හා දියුණුව පතා ඔබ කිසියම් වැඩක් අළුතින් අරඹන විට, එහි සාර්ථකත්වය ගැන කිසිම දෙගිඩියාවක් නැතිව එය අරඹන්න, එය සාර්ථක වන බව ස්ථීරයෙන් ම අදහමින් එම වැඩෙහි යෙදෙන්න.

ඔබේ වැඩේ සාර්ථක වනු ඇත. ඔබේ පරමාර්ථය ඉෂ්ටවනු ඇත. ඔබේ අභිවෘද්ධියට හේතුවන වැඩක් සම්පූර්ණ විශ්වාසයකින් යුතුව කරනු ලබන විට, එය වැරදෙන්නට බැරි ය. ඔබට ඒ බව හැඟුනත්, නොහැඟුනත්, ඔබ ආරක්ෂා වූ කෙනෙකි. ඔබ කිසිම සරණක්, මග පෙන්වීමක්, ආදරයක්, ආධාරයක් නැති කෙනෙක් හෝ දෙයක් හෝ නොවේ. ඔබ විශ්වයේ කොටසකි. එම නිසා විශ්වයේ මහා ජීව බලය ඔබ සුරකින්නේය. ඔබට යහපතම සලසන්නේය. එම නිසා, කිසියම් මහා බලයක් ඔබව නිරතුරු ආරක්ෂා කරන බව විශ්වාස කරමින් ඔබ යමක් කරන විට, එය ඔබට වරදින්නට බැරිය.

එහෙත් නිරතුරුවම ඔබේ මනස විශ්වාසයෙන් පිරි නොමැති නම් හරි යනවාමයි යන විශ්වාසයෙන් වැඩේට බැසීමට ඔබට දුෂ්කර වනු ඇත. එම නිසා ඔබේ ප්‍රථම කාර්යයවිය යුත්තේ, විශ්වාසයට ඔබේ මනස පුරුදු පුහුණු කරවා ගැනීමය. වෙන විධියකින් කියතොත් විශ්වාසයෙන් සිතීමේ පුරුද්ද ඔබ තුළ වර්ධනය කර ගැනීමය. එය ඔබ ඕනෑකමකින් යුතුව කළ යුත්තකි.


When you start a new work for your own good and development, start it without any hesitation about its success, and engage in that work with the firm belief that it will be successful.

Your work will be successful. Your goal will be fulfilled. When work for your betterment is done with complete confidence, it cannot go wrong. Whether you feel it or not, you are protected. You are not a person or thing without any refuge, guidance, love, or support. You are part of the universe. Therefore you preserve the great life force of the universe. May you be well. Therefore, when you do something believing that some great power is always protecting you, you cannot go wrong.


But if your mind is not constantly full of faith, it will be difficult for you to get down to work with the belief that everything will be fine. Therefore, your first task should be to train your mind to believe. In other words, developing the habit of thinking with confidence. You should do it with intention.

Categories
Self Help

දෙගිඩියාවකින් තොර විශ්වාසය | Trust with no fear

අප පතන ඕනෑම වැඩකින් අපට සාර්ථික ප්‍රතිඵල ලැබිය හැකි වන්නේ සාර්ථක ප්‍රතිවල අපි බලාපොරොත්තු වෙනවා නම් පමණි. විශ්වාසය හා බලාපොරොත්තුව එකිනෙකින් කිසිසේත් වෙන් කළ නොහැකි ගුණ ධර්ම දෙකකි.

මා බලාපාරොත්තු වන දේ මගේ හොඳට නම්, එය හරි යනවාමයැයි කියා තදින් ඇදහීම විශ්වාසය වේ.

අපි කරන්ඩ හදන කටයුත්ත හරි යනවාමයැයි කියා දෙගිඩියාවකින් තොරව විශ්වාස කරනු ලබන විට, කිසියම් කාන්දම් බලයකින් මෙන් සාර්ථකත්වය අප කරන කටයුත්ත කරා ඇදී එයි. බියෙන් හා අඩමානයෙන් යුතුව එය දෙස බලනු ලබන විට, අපට ප්‍රයෝජන ගැනීමට තිබෙන අපේ හොඳම කුසලතා පවා ඉවතට තල්ලු වී යයි. ආශ්චර්යමත් බලයකින් යුත් විශ්වාසය අප තුළ හැම විට ම රැක ගත හැකි නම්, අපට නොකළ හැකි දෙයක් නැත. කරන ඕනෑම වැඩකින් ඉහළම මට්ටමක ප්‍රතිඵල අපට අත්පත් කර ගැනීමට හැකිවනු ඇත.

We can get successful results from any work we seek only if we expect successful results. Faith and hope are two inseparable virtues.

Faith is the strong belief that if what I am waiting for is good enough for me, it will be okay.

When we unhesitatingly believe that what we are doing is going to work, success is attracted to what we are doing as if by some magnetic force. When it is looked at with fear and half-heartedness, even our best talents are pushed aside to benefit us. There is nothing we cannot do if we can always keep faith in miraculous power. We will be able to achieve the highest level of results in any work done.

Categories
Self Help

කලබලය | Hurriedness

බොහෝ දෙනෙක් තමන් කරන්ඩ හදන දේ වරද්දවා ගන්නේ එය ගැන ඕනෑවට වඩා මුල සිටම කලබල වීමෙනි. කුලබල වීම කරම් අසාර්ථකත්වයටත්, අසන්තෝෂයටත් හේතුවන තවත් කරුණක් නැති තරම් ය. තමන්ට ප්‍රීතිය අත් වේදෝ නොවේදෝ කියා බිය වෙමින් කලබලයෙන් ප්‍රීතිය සකසා ගැනීමට තැත් කරන අයට කෙටි වැදගත් උපදෙසක් ඇත. ‘බිය නොවන්න, කලබල නොවන්න’.

කලබලය ඇති තැන ප්‍රීතිය ගැවසෙන්නේ නැත. එම නිසා එතැන එය හමුවන්නේ නැත. එයට ප්‍රතිවිරුද්ධ ලක්ෂණය වන සන්සුන්කම් ඇති තැන පමණක් ප්‍රීතිය හමු වන්නේය. ප්‍රීතිය හා සන්සුන්කම හැම තැනම අත්වැල් බැඳ ගෙන එකට ගමන් කරන මිනිස් ලක්ෂණ දෙකකි. ප්‍රීතියෙන් තොර සන්සුන්කමක් නැත. සන්සුන්කමෙන් තොර ප්‍රීතියක් නැත. එම නිසා ප්‍රීතිය උදාකර ගැනීමට ඕනෑ නම්, සන්සුන්කම් වඩන්න. බොහෝ දෙනෙකුගේ ශරීර සෞඛ්‍යය පවා හීන වී ඇත්තේ ඔවුන්ගේ කඩි මුඩි කලබල ජීවිත රටාව නිසාය.


Many people mistake what they are trying to do by worrying too much about it from the start. There is almost no other cause of failure and unhappiness than being castigated. There is a short piece of important advice for those who are anxiously trying to create happiness because they are afraid of whether or not they will find it. ‘Fear not, be not troubled’.

Where there is worry, there is no joy. Therefore it is not found there. Joy is found only where its opposite characteristic, serenity, exists. Joy and serenity are two human traits that go hand in hand everywhere. There is no serenity without joy. There is no joy without serenity. Therefore, if you want to be happy, cultivate calmness. Even the physical health of many people has declined due to their hectic lifestyle.

Categories
Self Help

ශාන්ත ජීවන රටාව | Calm life style

ශාන්ත ජීවන රටාවකට ඔබේ මනස පුරු පුහුණු කරවා ගැනීමට ඔබට අවශ්‍ය නම්, ඒ සඳහා යොදා ගත හැකි අභ්‍යාස කිහිපයක් ඇත. ඒවා අතරින් ඉතාමත් පහසුවෙන් උපයෝගි කර ගත හැකි එකක් මෙන්න. ඔබ වැඩ කරන විට, ඔබට නිතර තෙහෙට්ටුවක්, මහන්සියක්, අපහසුවක්, අමාරුවක් දැනේ නම්, සුළු වේලාවකට ඔබේ වැඩපල නවත්වන්න.

ඔබේ පුරුදු පරිසරයෙන් ඈත් වන්න. කඳු බෑවුමකට හෝ ගඟක් අසලකට හෝ නැත්නම්, කුඩා වන ලැහැබකට යන්න. සෙවන ගසකට හේත්තු වී විවේක ගන්න. නිශ්චල අහස නීල වර්ණ ගහකොළ දෙස හා ගෙඩි දෙස බලන් පක්ෂීන්ගේ නාදයට සවන් දෙන්න. සුළඟට ගහ සෙලවෙන, නැලවෙන සැටි ද, පරිසරය කූල්මත් කරමින් නදී ජලය ගලාගෙන යන සැටි ද, බලන්න. ඒ හැම එකකම එක්තරා දිව්‍යමය ලාලිත්‍යයක් ඇති බව වටහා ගන්න. එය අගය කිරීමට තැත් කරන්න.

ඇතැම් විට එවැනි ලාලිත්‍යයක් පුජනීය ස්ථානයක පරිසරය තුළ ද ලැබේ. එවැනි ස්ථානයක කෙරෙන ධර්ම දේශනාවක් හෝ ගායනාවක් තුළ හෝ වුවද එය තිබෙන්නට බැරි නැත.


If you want to train your mind for a peaceful lifestyle, there are several exercises that can be used to do so. Here is one of them that can be easily used. When you work, if you often feel tired, fatigued, uncomfortable, or difficult, stop your work for a while.


Get away from your habitual environment. Go to a hillside or near a river or, if not, a small forest. Lean against a shade tree and relax. Listen to the chirping of the birds while looking at the still blue-greens and fruits. Look at the trees swaying and bending in the wind, and the river flowing, making the environment cool. Realize that there is a certain divine elegance in all of them. Try to appreciate it.

Sometimes such elegance is also found in the environment of a sacred place. Even in a sermon or singing in such a place, it cannot be there.

Categories
Self Help

කඩිමුඩි ජීවිතය | Busy Life

බොහෝ විට නූතන සමාජ ක්‍රමයට ආවේනික වූ කඩිමුඩි ජීවිතය නිසාත්, එයින් ඇති වන කලබලකාරී ගති පැවතුම් නිසාත් කෙනෙකුගේ ආධ්‍යාත්මික ශක්තිය හීන වන්නට පුළුවන. හැම දෙයක් ම ඕනෑවට වඩා ඉක්මනින් කරන්නට යෑමෙන් අද බොහෝ දෙනෙක් නිකරුණේ පීඩාවට පත් වෙති. අබල දුබල වෙති. එවැනි වාතාවරණයකින් ගැලවීමට නම් නුතන තරඟකාරී සමාජ ක්‍රමයේ කෘතිම වේගයට නොව, ස්වභාව ධර්මයේ ස්වාභාවික වේගයට ගැලපෙන විලාශයකට අප ජීවත් විය යුතුව ඇත.

A person’s spiritual strength can often be reduced due to the hectic life that is inherent in the modern social system, and due to the chaotic behaviour that results from it. Today, many people suffer for nothing by trying to do everything too quickly. They are weak and weak. In order to escape from such a situation, we should live in a style that matches the natural pace of nature, not the artificial pace of the modern competitive social system.